Official Announcement
මාධ්‍ය සහ මාධ්‍ය ප්‍රකාශන
August 11, 2026
ලෝක ආදිවාසී දිනය 2026 "ආදිවාසී සාම්ප්‍රදායික පවුල් සෞඛ්‍ය සේවිකාවන්ට ගෞරව කිරීම: ජීවිතය සහ යහපැවැත්ම සුරක්ෂිත කිරීම" යන තේමාව යටතේ දඹානේදී සමරන ලදී.
2026 ලෝක ආදිවාසී දින සැමරුම් උත්සවය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් දඹාන ආදිවාසී උරුම කෞතුකාගාර පරිශ්‍රයේදී අද (09) පැවැත්විණි.
එම අවස්ථාව සනිටුහන් කරමින් දඹාන ආදිවාසී ගම්මානයේ ඖෂධීය පැළයක් සිටුවීමට ද සහභාගි වූ අග්‍රාමාත්‍යවරයා ඉන් අනතුරුව දේශීය උරුම කෞතුකාගාරයේ නිරීක්ෂණ චාරිකාවක ද නිරත විය.
ආදිවාසී ප්‍රජාවගේ අයිතිවාසිකම්, සංස්කෘතික උරුමයන් සහ අනාගත අභිලාෂයන් පිළිබිඹු කරන ශ්‍රී ලංකා ආදිවාසී ප්‍රජා ප්‍රකාශය ආදිවාසී වැදි නායක ඌරු වරිගේ වන්නියන් විසින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය වෙත පිළිගැන්වීම මෙම උත්සවයේ කැපී පෙනෙන විශේෂත්වයක් විය. ආදිවාසීන්ගේ අයිතිවාසිකම් සහ සමස්ත යහපැවැත්ම සුරක්ෂිත කරන අතරම ඔවුන්ගේ පාරම්පරික දැනුම, සංස්කෘතික අනන්‍යතාවය සහ ජීවන රටාව ආරක්ෂා කිරීමේ වැදගත්කම මෙම අවස්ථාවෙන් දැඩි ලෙස අවධාරණය කරන ලදී.
මෙම අවස්ථාවට වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය සමන්ත විද්‍යාරත්න, ඌව පළාත් ආණ්ඩුකාර කපිල ජයසේකර, බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුදත් බලගල්ල, මහියංගන ප්‍රාදේශීය සභාවේ සභාපති, දිස්ත්‍රික් ලේකම් සුනිල් ගලගම, මහියංගන ප්‍රාදේශීය ලේකම් විමංසා සෙනෙවිරත්න යන මහත්ම මහත්මීන් ඇතුළු රාජ්‍ය තාන්ත්‍රිකයින්, රාජ්‍ය තාන්ත්‍රිකයින් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.
Photo Gallery